ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණෙන දිනයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මීට පෙර ඔහු ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දී තිබුණේ පසුගිය 23 වැනිදා මෙට්‍රික් ටොන් 40,000ක පෙට්‍රල් නෞකාවක් දිවයිනට පැමිණෙන බවයි.

එහෙත් එම නෞකාව එදින නොපැමිණි අතර 24 වැනිදා එය දිවයිනට ළඟාවන බවට අමාත්‍යවරයා යළි ට්විටර් පණිවිඩයකින් දැනුම් දී තිබුණා.

කෙසේවුවද ඔහු ඊයේ (25) ප්‍රකාශ කළේ ඉන්ධන නෞකාවක් පැමිණෙන දිනයක් පිළිබඳ ඛනිජ තෙල් නීතීගත සංස්ථාව දැනුම් දී නොමැති බවයි.

ඒ අනුව, රට තුළ මේ වන විට සියලුම වර්ගවල ඉන්ධන තොග ප්‍රමාණවත්ව නොමැති අතර පොදු ප්‍රවාහනය, බල ශක්ති උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය ලබා දී පවතින ඉන්ධන තොග බෙදාහරින බව කංචන විජේසේකර මහතා පැවසුවා.

මෙම තත්ත්වය මත ඉන්ධන පෝලිම්වල රැදී සීටීමෙන් වළකින ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර බොරතෙල් නොමැති වීම හේතුවෙන් පිරිපහදුවේ කටයුතු ද අත්හිටුවා තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්