ශ්රී ලංකාවට මූල්ය ආධාර, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්යවශ්ය ද්රව්ය සපයන බව ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි පවසනවා.

ඉන්දීය අග්රාමාත්යවරයා මේ බව පවසා ඇත්තේ තමිල්නාඩු ප්රාන්ත අගනගරය වන චෙන්නායි හි සංවර්ධන ව්යාපෘතියක සමාරම්භක උත්සවයකට සහභාගී වෙමින්.

ශ්රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ එහිදී ඉන්දීය අග්රාමාත්යවරයාගේ අවධානය යොමුව තිබුණා.

දුෂ්කර කාලයක් පසු කරමින් සිටින ශ්රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවයි එහිදී ඉන්දීය අගමැතිවරයා පවසා සිටියේ.

මෙහිදී අගමැතිවරයාට පෙර උත්සවය ඇමැතූ තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් පැවසුවේ දශක ගණනකට පෙර ඉන්දියාව ශ්රී ලංකාවට ලබාදුන් කච්චතිව් දූපත නැවත පවරා ගැනීමට සුදුසුම කාලය එළඹ ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි එම ප්රකාශය සම්බන්ධයෙන් ප්රතිචාර දක්වා තිබුණේ නැහැ.

මෙන්න බලන්න තවත් පුවත්