පසුගිය සෙනසුරාදා දින ත්‍රිසූර් හි පෞද්ගලික රෝහලකදී මියගිය 22 හැවිරිදි තරුණයෙකු MONKEYPOX ආසාදිතයකු බවට හදුනා ගෙන තිබේ.

පසුගිය ජූලි 21 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි මෙම තරුණයා දැඩි තෙහෙට්ටුව සහ meningitis රෝගයෙන් රෝහල් ගත කර ඇත්තේ ජූලි 27 වැනිදා පමණක් බවත් ඔහු MONKEYPOX රෝගයේ දෘශ්‍යමාන රෝග ලක්‍ෂණ කිසිවක් නොපෙන්වා තිබූ බවත් රෝහල් බලධාරීහු සදහන් කරයි.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේ මෙම තරුණයා ජූලි 22 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කේරළයට පැමිණ ඇති බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුකළ පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් MONKEYPOX ඇති බවට තහවුරු වී ඇති අතර, මරණයට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පවත්වන බව එරට රජය ප්‍රකාශ කොට තිබේ.

MONKEYPOX අනුපාතය ඉතා අඩු බැවින් මෙම මරණය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පවත්වනු ලබන බවත් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඔහුගේ සාම්පල කේරළයේ ජාතික වෛරස් විද්‍යා ආයතනයේ Alappuzha ඒකකය වෙත යවා ඇති බවත් වැඩිදුරටත් සදහන් වේ.

මෙන්න බලන්න තවත් පුවත්