නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ අක්‍රියව තිබූ විදුලි ජනන යන්ත්‍රය අද සිට යළි ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

මෙගාවොට් 900ක ධාරිතාවයකින් යුත් මෙම බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රයක් හදිසියේ බිඳ වැටීමට ලක්වුණේ පසුගිය දෙසැම්බර් 3 වනදායි.

මේ අතර, විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ කැස්බෑවේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා අවශ්‍ය විදුලිබල ධාරිතාව ගණනය කළ යුතු බවයි.

ඉල්ලුම සහ සැපයුම අතර මෙගාවොට් 300ක පරතරයක් පවතින අතර, එය ලබා ගැනීමට විදුලිබල මණ්ඩලයට නිශ්චිත සැලැස්මක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරු ව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

මේ අතර, අද දිනය දක්වා විදුලි කප්පාදුවක් නොකරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණා.

ඉදිරි විදුලි සැපයුම සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අද යළි රැස්වීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්