උද්ධමනය ශීඝ්රයෙන් ඉහළයාම හේතුවෙන් ඉදිරි කාලයේ මෙරට ක්ෂේත්ර රැසක රැකියා අහිමිවීමේ අවදානමක් මේ වන විට මතුව පවතින බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු මහතා පවසනවා.

එහි ප්රතිඵලයක් ලෙස ප්රචණ්ඩකාරී ලෙස සමාජයේ නොසන්සුන්තාවයන් සහ සොරකම් වැනි සමාජ අර්බුද නිර්මාණය වන බවයි ඔහු පවසන්නේ.

ආයතනවලට සිය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා ප්රමාණවත් ආදායමක් නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ණය ප්රතිව්යූහගත කිරීම් කඩිනම් කර ජාත්යන්තර සම්බන්ධතා මත සහයෝග ලබා ගැනීමට අවදානය යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙන්න බලන්න තවත් පුවත්