කොවිඩ් 19 වසංගතය පාලනය කිරිම සඳහා භාවිත කෙරෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රා තොගය මෙරටට ලැබීම ප්‍රමාද විය හැකි බවට තොරතුරු වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ මෙම එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාව තුළ එයට ඇති ඉහළ ඉල්ලුමයි.

ඉන්දියාව තුළ ඇති ඉල්ලුම සපුරාලන තෙක් එම එන්නත් මාර්තු සහ අප්‍රේල් මාසවල දී අපනයනය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධාන එන්නත් කරන ආධාර පහසුකම හෙවත් COVAX පහසුකම යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා ලක්ෂ පහක් මෙරටට ප්‍රදානය කෙරුණා.

එහි පළමු මාත්‍රා තොගය මේ වන විටත් මෙරට තුළ භාවිත කරන අතර දෙවන මාත්‍රා තොගය අප්‍රේල් මස මැද භාගයේ දී මෙරටට ලැබීමටයි නියමිතව තිබුණේ.

මෙන්න බලන්න තවත් පුවත්