ඇඹිලිපිටිය නගරසභාව ඉදිරිපිට රැඳී සිටි අරගලකරුවන් පිරිසකට ඊයේ (20) රාත්‍රී 10ට පමණ ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ.

ඔවුන් මෙම අරගලය දින ගණනක් ක්‍රියාත්මක කර තිබේ.

සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ අට්ටාලය කඩා බිඳ දමා අරගලකරුවන්ට පහර දී එළවා දමා ඇති බව සදහන් වේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් ඇඹිලිපිටිය පොලීසියට පැමිණිලි කර ඇති අතර මේ වන විට පහරකෑමට ලක්වූ අරගලකරුවෙක් ඇඹිලිපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද වැඩිදුරටත් සදහන් වේ.

පහරදීමට පැමිණි අයෙකු අරගලකරුවන් විසින් හඳුනාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්