විදුලිය කප්පාදුවකට සූදානම් වන්නැයි ජනතාවට දැනුම් දෙන පසුබිමක බලශක්ති අමාත්‍යවරයාගේ නිල නිවස සඳහා අමතර විදුලි ජනන යන්ත්‍රයක් මිලදී ගැනීමට ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවට සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද චෝදනා කර සිටියා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මෙසේ අදහස් දක්වා සිටියා,

එහිදී අමාත්‍යවරයා පැවසුවේ 2020 වසරේ තමන් බලශක්ති අමාත්‍යවරයා ලෙස නිල නිවස භාරගන්නා විට එහි පැවති විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය වී තිබූ බවයි.

ඒ සඳහා නව යන්ත්‍රයක් ප්‍රතිස්ථාපනය කිරීමට මේ වසරේ ඛනිජතෙල් තොග පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබූ නමුත් තමන් ඒ බව දැනගත් අවස්ථාවේම එය අවලංගු කිරීමට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේ එලෙස අත්හිටවූ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අපහාසාත්මක චෝදනා එල්ල කළ ආනන්ද පාලිත මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවයි.

මෙන්න බලන්න තවත් පුවත්