සුන්දර රූ සපුවකට හිමිකරැවකු වීම අප සියල්ලන්ගේම ආශාවයි. එම ආශාව තුළ සැඟවී ඇති සතුට යනු නිරෝගි සම්පන්න දිවියේ ඇති හොඳම ආභරණයයි.
නිරෝගී සම්පන්න දිවිපෙවතකට අවශ්‍ය මෙම සතුට, සුන්දරත්වය සෑම දිනකම එක ලෙස පවත්වාගෙන යාමට හැකි නම් කෙතරම් අගනේද?
ඊට හොදම විසදුම ආයුර්වේද රූපලාවණ්‍යයයි.

ලොව පුරා ඇති අද්විතීය රූපලාවණ්‍ය ශිල්පීය ක්‍රම අතරින් ආයුර්වේද රූපලාවණ්‍යට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂ ස්ථානයක්. පුරාතන ඉන්දියානු සම්භවයට අයත් ඉතා පැරණි රූපලාවණ්‍ය ශිල්පීය ක්‍රමයක් වන මෙය අදවන විට ඉතාම ප්‍රචලිත වෙමින් පවතී. බොහෝ අය මෙහි ක්‍රමවේදයන් පිළිබඳ දැන සිටියත් එහි ක්‍රමවේදයන් නිවැරදිව අනුගමනය කරන ආකාරය පිළිබඳ දැන සිටින්නේ ඉතාමත් සුළු පිරිසකි.එසේ නම් අද අප සූදානම් වන්නේ ආයුර්වේද රූපලාවණ්‍ය පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් පිළිබඳ ඔබට අවබෝධයක් ඔබට ලබා දීමටයි.
ඔබ ආයුර්වේද රූපලාවණ්‍යට යොමු වීමට කැමැත්තක් දක්වන අයෙක් නම් ආයුර්වේද රූපලාවණ්‍යයේ එන වෛද්‍යමය ප්‍රතිකාර මෙන්ම ආයුර්වේද ඖෂධ වලට පළමුව ඔබ දැන සිටිය යුතු කරුණක් වන්නේ ආයුර්වේද රූපලාවණ්‍යයේ ඇති වැදගත්කම පිළිබඳවයි.

රූ සපුව පිළිබඳ කතාබහ කිරීමේදී තම රුව සුන්දරව තබා ගැනීමට බොහෝ දෙනා විවිධ ආකාරයේ රූපලාවන්‍යමය ක්‍රමවේදයන් භාවිතා කරයි. එවැනි ක්‍රමවේදයන්හි ඇති බලපෑම සහගත තත්ත්වය වන්නේ හිසකෙස් සුදුවීම, අකලට කෙස් යාම, තරබාරුකම, කුරුලෑ ඇති වීම, ශරීරයේ කළු පැහැති ලප, සම දුර්වර්ණ වීම වැනි රෝගී තත්වයන් ඇති වීමයි. ශරීර සෞඛ්‍යයට අහිතකර කෘතිම රසකාරක භාවිතය නිසා මෙවැනි ගැටළු ඇතිවිය හැකි අතර බොහෝ අයගේ මතය වන්නේ මෙයට හේතුව රූපලාවණ්‍ය ක්‍රම වේදයන් බවයි. එසේ නම් ඇති විය හැකි මෙවැනි ගැටලූ රූපලාවණ්‍යමය ගැටලුවක් පමණක්ම නොවන මතක තබා ගැනීම ඉතාම වැදගත්.

ආයුර්වේද රූපලාවණ්‍යයේ ඇති වැදගත්කම කරුණු කිහිපයක් යටතේ මෙසේ පෙළ ගැස්විය හැකිය.

ආයුර්වේද රූපලාවණ්‍යයේ ප්‍රධාන අරමුණ වන්නේ පංච කල්‍යාණයයේ සුන්දරත්වය රැක ගැනීමයි.

නූතන සමාජයේ බොහෝ දෙනා රුවෙහි සුන්දරත්වය වෙනුවෙන් විවිධාකාරයේ කෘතිම ආලේපන වර්ග භාවිත කිරීමට පුරුදු වී සිටියි. බටහිර රූපලාවන්‍ය එන ආලේපන බොහෝමයක් සමට අහිතකරවන අතර ඉන් ලැබෙන ප්‍රතිඵල ද තාවකාලිකයි. තවද එම රූපලාවණ්‍ය ක්‍රමවේදය තුළ ඇත්තේ බාහිර රූප අලංකරණය පමණයි.

එහෙත් ආයුර්වේද රූපලාවණ්‍ය යෙදී රුවෙහි සුන්දරත්වය වෙනුවෙන් ශරීරයේ බාහිරින් මෙන්ම අභ්‍යන්තරව ද සත්කාර ඇති බැවින් එහි ඇති ගුණාත්මක බව නිසාම ඔබට සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකි වීම මෙහි ඇති සුවිශේෂත්වයයි.

රූපලාවන්‍ය ආලේපන තෝරා ගැනීමේදී එහි සුරක්ෂිත බව පිලිබඳ සැලකිලිමත් වීම අනිවාර්යවේ. දේශීය ශාකසාරවලින් පමණක් ම නිපදවන ආයුර්වේද රූපලාවණ්‍ය ආලේපන අනිකුත් ආලේපනයන්ට වඩා ශරීරයට පෝෂණයක් මෙන්ම සුරක්ෂිත බවක් ලබා දේ.

ආයුර්වේද රූපලාවණ්‍ය සමේ හා හිස්කබලෙහි සාමාන්‍යය ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

නිෂ්පාදන අවශෝෂණය කිරීමට ධාරිතාවය ප්‍රවර්ධනය කිරීම.

සමෙහි pH සමතුලිතතාවය ප්‍රතිස්ථාපනය කිරීම.

ආයුර්වේදයෙහි එන ඖෂධ පැළෑටිවල ඇති මෘදු බව සමට සුවයක් ලබා දෙයි.

 ආයුර්වේද ශාකයන්හි මල් සහ ඒවාහි ඖෂධීය සාරය ස්වභාවික සුවඳක් ලබා දීම.

මෙවැනි වැදගත් කමකින් යුතු ආයුර්වේද රූපලාවණ්‍ය නිවැරදි ව භාවිතා කිරීම මගින් නිරෝගී දිවි පෙවෙතකටත් අසමසම සුන්දර රූ සපුවකටත් ඔබ උරුමකම් කියනවා නිසැකයි.

උපදෙස් –
වෛද්‍ය ධනුෂ්කා කරුණාරත්න
කාන්තා රෝග විශේෂඥ වෛද්‍ය
ජේෂ්ඨ කථිකාචාර්ය
දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය
කොළඹ විශ්වවිද්‍යාලය

සැකසුම –
බිනාලි රාජපක්ෂ

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්