කුරුවිට පොලිස් වසමේ පොහොරබාව ප්‍රදේශයේ පුද්ගලයකු සිය පියාට පොල්ලකින් පහර දී ඝා#තනය කර තිබේ. මෙලෙස මිය#ගොස් ඇත්තේ, 66 හැවිරිදි පොහොරබාව, පරකඩුව ප්‍රදේශයේ අයෙකි.

පොලීසිය සඳහන් කරන්නේ සැකකාර පුතා බීමත්ව පැමිණ ඔහුගේ බිරිඳට පහර දෙන අවස්ථාවේදී පියා පැමිණ බේරාගැනීමට උත්සාහ කිරීමේදී’ සැකකරු විසින් පොල්ලකින් සිදුකළ පහරදීමෙන් මෙම ඝා#තනය සිදුව ඇති බවය.

34 හැවිරිදි සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන කුරුවිට පොලීසිය විසින් සිදුකෙරේ.

මෙන්න බලන්න තවත් පුවත්