ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුවයි.

මේ අතර අසාද් සාලි අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔහුව රඳවා තබාගෙන පාස්කු ප්‍රහාරය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිතව ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

අසාද් සාලි විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් හරහා දණ්ඩ නීති සංග්‍රහය, සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව මෙන්ම 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංගනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන්නේ යැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්