මෙරටින් අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 60 කට අධික පිරිසක් බුස්ටර් එන්නත ලබා ගෙන නොමැති හෙයින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යාම හමුවේ මෙය දැඩි අවදානම් තත්ත්වයක් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කරයි.

එමනිසා කඩිනමින් කොරෝනා මර්දන එන්නත්කරණයට යොමුවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් රජයේ ගබඩාවල පවතින බවත් ඔහු කියා සිටි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හා රෝහල්වල කොරෝනා මර්දන එන්නත් ලබා ගැනිමට පහසුකම් සලසා ඇති බව පෙන්වා දුන් ඔහු අවධාරණය කලේ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකක් පමණක් ලබා ගත් පුද්ගලයින්ගේ වෛරසය සඳහා පවතින ප්‍රතිශක්තිය හීන වෙමින් පවතින බවයි.

මේ අතර කොරෝනා ආසාදිතයින් 131 දෙනෙකු ඊයේ (28) මෙරටින් හඳුනා ගෙන තිබුණ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ 65,379 ක් ලෙස සදහන් වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්