ජනතා අරගලයේ අවසන් සටන අගෝස්තු 09 වැනිදා කොළඹ දී සිදුකරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටී.

මෙම මහජන විරෝධතාවයට සහභාගී වන ලෙස රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කර අතර  ජනතා විරෝධයේ අවසන් සටන තුළින් රට දූෂිත දේශපාලකයන්ගෙන් නිදහස් කර ගැනීමට වගබලා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ජන අරගලයට නායකත්වය දෙන අයගෙන් ඉල්ලා සිටි.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන්ට පහර නොදෙන ලෙස ත්‍රිවිධ හමුදාවෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටි ඔහු වැඩිදුරටත් සදහන් කළේ විරෝධතාවලට සම්බන්ධ තරුණ පරම්පරාවත් ඔවුන්ගේම දරුවන් සහ ඥාතීන් බවයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්