ජයග්‍රහණය කළ සෑම සටනක්ම අනුරාධපුරයෙන් ආරම්භ කළාක් මෙන් අදත් අලුත් ගමනක් අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “පොදුජන රැළිය” අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“අද අපි අනුරාධපුරයෙන් අලුත් ගමනක් ආරම්භ කරන්න තමයි යන්නේ. 2005 ජනාධිපති සටන ආරම්භ කළේ අනුරාධපුරයෙන්. යුද්ධය දිනලා 2010ත් දෙවැනි ජනාධිපතිවරණ සටන අපි පටන් ගත්තෙත් අනුරාධපුරයෙන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණ සටන ආරම්භ කළෙත් අනුරාධපුරයෙන්. දිවුරුම්දීම කළෙත් අනුරාධපුරයෙන්. අපි ජයග්‍රාහණය කළ සෑම සටනක්ම ආරම්භ කළේ අනුරාධපුරයෙන්. අදත් අපි ඒ වගේ ගමනක් අනුරාධපුරයෙන් ආරම්භ කරනවා. මේක මේ මොහොතේ මේ රටට අත්‍යවශ්‍ය ගමනක්”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “පොදුජන රැළිය” අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

මෙන්න බලන්න තවත් පුවත්