සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා දූෂණය නම් වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ගොනුකර තිබූ නඩුවෙන් චූදිතයින් තිදෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

ඒ වර්ෂ 2010 සිට 2014 දක්වා කාලය තුල සමූපකාර තොග වෙළද සංස්ථාවේ සේවකයින් 153 දෙනෙකු නිසි රාජකාරියට පරිභාහිර ව දේශපාලන කටයුතුවලට යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 400 ක පාඩුවක් සිදු කර ඇති බවට චොදනා කරමින් අල්ලස් කොමිෂම අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩු දෙකක් සම්බන්ධයෙනි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණය මෙම නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනි ලෙසට ප්‍රකාශයට පත් කරමින් අමාත්‍යවරයා නිදහස් කිරීමට කළ නියෝගය අනූවයි.

කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ගොනු කළ ප්‍රතිශෝධනය පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙන්න බලන්න තවත් පුවත්