ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට CIA ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි මියගිය බව ඇමෙරිකා ජනාධිපති ජෝ බිඩෙන් ප්‍රකාශ කරයි.

ඩ්‍රෝන යාන ප්‍රහාරය එල්ල කරන විට 71 හැවිරිදි අල්කයිඩා නායකයා ආරක්ෂිත නිවසක සඳලු තලයේ සිටි බව සඳහන් වේ.

විශේෂ රූපවාහිනී දේශනයකදී ඇමෙරිකා ජනාධිපති පැවසුවේ යුක්තිය ඉටු වී ඇති අතර මෙම ත්‍රස්තවාදී නායකයා දැන් නොමැති බවයි.

ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් ද ඔහු සමග එම ස්ථානයේ සිටි බවට වාර්තා පළවුවත් ප්‍රහාරයෙන් ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල්කයිඩා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ ඔසාමා බින් ලාඩන් අමෙරිකානු හමුදා විසින් ඝාතනය කිරීමෙන් පසු 2011 වසරේදී අයිමන් අල් සවාහිරි අල්-කයිඩා සංවිධානය භාර ගෙන තිබුණි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්