ගෝල්ෆේස් අරගලය විසුරුවා හැරීමට ආරක්ෂක අංශ විසින් එල්ල කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපතිවරයා අවධානය යොමු කරමින් නිවේදනයක් නිකුත් කොට තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කලේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු ඔහුව දැනුවත් කළ බවයි.

මේ වන විට නීතිඥ නුවන් බෝපගේ ඇතුලු කිහිප දෙනෙක්ද  අත්අඩංගුවට ගෙන ඇති බවත් ආරක්ෂක අංශ මෙම සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කළ යුතු අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිටින ස්ථානයද දැනුවත් කළ යුතු බවත් ඔහු සිය පණීවිඩයෙන් කියා සිටී.

ඔහු පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ බවත් යුද හමුදාපතිවරයාට පණිවුඩයක් යවා මේ පිළිබදව දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්