පසුගිය දින කිහිපයේ අරගලකරුවන් භාරයේ තිබූ ජනාධිපති කාර්යාලය ,අගමැති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය යන ස්ථානවලින් ඉවත් වීමට ජනතා අරගලකරුවන් සාමූහිකව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඔවුන් කියා සිටියේ, දින 97 ක් පුරා පැවති අවිහිංසාවාදී ජනතා අරගලය ඉතාමත් ජයග්‍රාහී මොහොතකට එළැඹී ඇති බවයි.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ , ගාලු මුවදොර අරගල භූමියේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ජාවකට එක් වෙමිනි.

කෙසේ වෙතත් අරගලකරුවන්ගේ දෙවැනියට බල කර සිටියේ, රනිල් වික්‍රමසිංහ ද බලය අත් හැරිය යුතු බවයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්