අද (22) අළුයම ආරක්ෂක අංශ විසින් සාමකාමී ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් මේ වන විට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වේ.

අද (22) අළුයම හමුදාව විසින් ගෝල්ෆේස් අරගල භූමිය වටලා ප්‍රහාරයක් එල්ල කෙරුනු අතර ගෝල්ෆේස් අරගල භූමියට ඇතුළු විය හැකි සෑම මාර්ගයක්ම හමුදාව විසින් බාධක යොදා ආවරණය කර ඇති තිබුණී. මේ වන විට  ඒ භූමිය ආශ්‍රිතව ගොඩනගා තිබූ බොහෝමයක් කූඩාරම් හා අට්ටාල කඩා බිඳ දමා තිබේ.

එමෙන්ම ප්‍රහාරයට ලක් වූ අය අතර නීතීඥ නුවන් බෝපගේ, රන්දිමාල් ගමගේ, ළහිරු සිල්වා මෙන්ම මැයි 9 වනදා සිදුවීමෙන් හිසට දැඩි ලෙස තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ රැඳී සිට ප්‍රතිකාර ලැබූ, අබාධිත අනුරංග යන අයද සිට ඇති අතර, ඔවුන් මේ වන විට හමුදා අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්