අද (25) පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පවත්වන දෙවන අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙය වන අතර, නමුත් මේ වන තෙක් රැස්වීම පැවැත්වෙන ස්ථානය පිළිබඳව නිශ්චිතව තොරතුරු වාර්තා වී නොමැත.

එමෙන්ම ඊට අමතරව ජනාධිපතිවරයා විසින් හෙට (26) දිනය තුළ ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

නව ජනාධිපතිවරයාගේ ප්‍රථම ආණ්ඩු පක්ෂ රැස්වීම එය වන අතර, එහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම පිළිබඳව හා හදිසි නීතීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්