අද දින 8වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා සිදු කල ප්‍රකාශයේදී ඔහු විශේෂ ඉල්ලීමක් සිදු කොට තිබේ..

ඒ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී සිදු කිරීමට අවසර දෙන ලෙසයි.

එහිදී තමා වෙනුවෙන් ක්‍රියා කළ සියලු දෙනාට ස්තුති කළ නව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාව ඉල්ලා සිටින්නේ පරණ දේශපාලනය නොවන බවයි.

එමෙන්ම සියලු දෙනා එකට එකතු වී නව ක්‍රමවේදයකට අනුව කටයුතු කිරීමට එක්වන ලෙස ඔහු ඩලස් අලහප්පෙරුම , අනුර කුමාර , සජිත් ප්‍රේමදාස , මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගෙන් ද ඉල්ලීමක් කොට තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්