ජාත්‍යන්තර සංවර්ධය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ සමන්තා පවර් මහත්මිය විසින් ශ්‍රි ලංකාව මුහුණ දී සිටින  ආර්ථික අර්බුදය සඳහා වගකිවයුතු බවට චීනය ඉලක්ක කරගනිමින් කළ ප්‍රකාශයට චීනය විසින් පිළිතුරු ලබා දී ඇත.

ඊයේ (28)  නවදිල්ලි නුවර පැවති සාකච්ඡාවකදි සමන්තා පවර් මහත්මිය විසින් “ශ්‍රී ලංකාව මුහුණ දී සිටින  ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා  ඉන්දියාව වේගවත් හා  අතිශය තීරණාත්මක පියවර මාලාවක් සමඟ ප්‍රතිචාර දැක්වූ නමුත් සැලකිය යුතු සහනයක් ලබා දෙන ලෙස චීනයට කළ ඉල්ලීම්වලට පිළිතුරු ලැබී නොමැත.” යනුවෙන් සඳහන් කර සිටි අතර, තව දුරටත් දක්වා සිටියේ, ” අනෙකුත් ණය දෙන්නන්ට වඩා වැඩි පොලී අනුපාත යටතේ බොහෝ විට විනිවිද නොපෙනෙන ණය ගනුදෙනු පිරිනමන ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නන්ගෙන්  එකක් වන චීනය ලංකාව මුහුණ දී සිටින තත්වයට විශාල වශයෙන් වගකිවයුතු” බවයි. 

මෙහිදී ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්  චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ජියන් විසින් මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, “චීනය විසින් ශ්‍රී ලංකාව තුළ දැවැන්ත යටිතල පහසුකම් මෙන්ම ව්‍යාපාර සහ ආයෝජන ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උසස් කළ බවයි.

එමෙන්ම ඔහු විසින් එහිදි “චීන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවා ඇති අතර ශ්‍රී ලාංකික ජනතාවට දැනෙන ප්‍රතිලාභ ගෙන දී ඇත” යනුවෙන්ද ප්‍රකාශ කර ඇත.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්