Gotabhaya leave country
 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිඳ ඇතුළු ආරක්ෂකයන් දෙදෙනෙකුට මාලදිවයින බලා යෑමට ගුවන් යානයක් ලබා දුන් බවට ගුවන් හමුදාව විසින් තහවුරු කර ඇත.

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටින්නේ, විධායක ජනාධිපතිවරයාට හිමි නිල බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය යටතේ, කටුනායක  ගුවන්තොටුපළේ පවතින සියලුම ආගමන විගමන හා රේගු නීතීන්ට යටත්ව එම යානය ලබා දුන් බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් යානය යානය අද අළුයම 3 ට පමණ මාලේ අගනුවර ගුවන්තොටුපළ කරා ළඟා විය.

අදාළ නිවේදනය පහතින් 

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්