හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් වීමත් සමග 8 වන විධායක ජනාධිපති ධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට අවශ්‍ය නාමයෝජනා කැඳවීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

ඒ අනුව , රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායක යන මහත්වරු  ජනාධිපතිධූරය සඳහා නාමයෝජනා බාර දී තිබේ.

මෙහිදි දිනේෂ් ගුණවර්ධන මහතා විසින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කළ අතර, එය ස්ථීර කරනු ලැබුවේ මනූෂ නානායක්කාර විසිනි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කළ අතර, ජී එල් පීරීස් මහතා එය ස්ථීර කරන ලදී. 

එමෙන්ම අනුර කුමාර දිසානායක මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ විජිත හේරත් මහතා විසින් වන අතර, හරිනි අමරසූරිය මහත්මිය විසින් එය ස්ථීර කරනු ලැබුවාය.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්