
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක මහතා අද (26) ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවී තිබේ.
ඒ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී.
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් එල්ඩෝස් මැතිව් මහතා මෙම සාකච්ඡාවට සහභාගී විය.
https://www.newsmania.lk/leadnews