අද (01) උදෑසන ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රියේ’ ගාල්ල, බූස්ස-වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අදාල මෝටර් රථය තුල කරාපිටිය රෝහලේ හෙද නිලධාරිනියක් සහ තවත් කාන්තාවක් ගමන් කර තිබෙන අතර ඔවුන් තුවාල නොලබා බේරී ඇති බව වාර්තා වී ඇත. අනතුරින් මෝටර් රථයට හානි සිදුව තිබෙන අතර ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මාස කිහිපයක සිට අදාළ දුම්රිය හරස් මාර්ගයේ සීනු සහ වර්ණ ආලෝක සංඥා ක්‍රියාත්මක නොවන බවයි.

එබැවින් එම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සිදුවීමට ඇති හැකියාව ඉතා ඉහල බව ප්‍රදේශවාසීන් පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්