අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම සිය අපේක්ෂාව බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මහනුවර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකර සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගියදා තෝරා පත්කර ගනු ලැබූ නව නිලධාරී මඩුල්ල අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් ආශිර්වාද ලබාගැනීමෙන් පසු අස්ගිරි සහ මල්වතු මහා නා හිමිවරුන් බැහැදුටුවා.

ඉන්පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නිලධාරී මඩුල්ල ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වුණා.

මෙන්න බලන්න තවත් පුවත්