අද (22) අළුයම ගාලු මුවදොර අරගලකරුවන්ට පහර දීමෙන් මෙරට පිළිබඳව ජාත්‍යන්තරය තුළ අපකීර්තියක් ඇති වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටි ඔහු තව දුරටත් සඳහන් කරන්නට යෙදුනේ, අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් වෙමින් පවතින අවස්ථාවක එල්ල කළ මෙම ප්‍රහාරය හේතුවෙන් ආයුධ සන්නද්ධ විප්ලවයන් පිළිබඳව සිහින දකින්නනට තටු දීමක් සිදු වූ බවය.

එමෙන්ම සාමකාමි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව තිබූ තත්වයක් මෙලෙස පහර දීමකින් අවසන් කිරීම හේතුවෙන් අද දිනය අඳුරු දිනයක් බවට පත් වූ බව කියා සිටි ඔහු එහිදී තව දුරටත් සඳහන් කර සිටියේ, සියළු දෙනා එක්ව ප්‍රජාන්ත්‍රවාදය සුරැකීමට කටයුතු කළ යුතු බවයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්