
විදුලි අර්බුධය මේ වන විට තවත් උග්රවී තිබෙනවා. ඒ අනුව අදත් ප්රදේශ රැසකට විදුලිය කපා හැරීමට නියමිතයි. ඒ, පස්වරු 04 යි 30 සිට රාත්රී 10 යි 30 දක්වා කාලය තුළයි. එහි විශේෂත්වය වන්නේ ඛාණ්ඩ 03 කට අදාළ කාලය තුළ පැය දෙකකට පමණක් විදුලිය කපා දැමීමයි.
අනෙක් සියලු ඛාණ්ඩ සඳහා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු කරනු ඇති. විදුලි කප්පාදුව සිදු කෙරෙන ඛාණ්ඩ සහ ඊට අදාළ ප්රදේශ පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත.
ඊයේ දිනයේද මෙලෙසම සමස්ථ දිවයිනම කළාප 11 කට බෙදා පැය දෙක බැගින් පස්වරු 04 යි 30 සිට රාත්රී 10 යි 30 දක්වා විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක නෙත් නිවුස් වෙත පැවසුවේ මෙගාවොට් 541 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීම සඳහා බලාගාර වෙත ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද දිනයේ විදුලි කප්පාදුව කිරීමට සිදුවන බවයි.
https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/Power-Interruption-Schedule-22-02-2022.pdf