
අද (06) දිනයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ ඉන්ධන ඉල්ලා සේවකයින් ක්‍රියාත්මක කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙනි.
මේ හේතුවෙන් අද දිනයේ කාර්යාල දුම්රිය රැසක් ද අවලංගු කිරීමට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුවේ ගමනා ගමන සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සදහන් කරයි.
ඒ අනුව අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබෙන කාර්යාල දුම්රිය 48න් 22ක් පමණක් ධාවනය කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වර්ජනය සිදු නොකරන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටී.