ඉන්ධන ගැටලු සඳහා අද (30) දිනයේ විසඳුම් නොලැබුනහොත් හෙට (01) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ පවසනවා.

ඉන්ධන සපයා ගැනීම හා ප්‍රවාහන කටයුතුවල අපහසුතා හමුවේ සේවා සදහා වාර්තා කිරීමට නොහැකි වීම හා බළධාරීන්ගෙන් ඊට නිසි විසදුම් නොලැබීම මුල් කරගනිමින් ඔවුන් ඊයේ (29) ආරම්භ කළ වැඩ වර්ජනය අද (30) දිනයේත් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගම්, ECG සහ EEG නිලධාරීන්ගේ සංගම්, වෛද්‍ය රසායනාගාර, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්ගේ සංගම්, කීට විද්‍යා නිලධාරීන්ගේ සංගම්, දන්ත කාර්මිකයින්ගේ සංගමය, දන්ත චිකිත්සක සංගමය, ඖෂධ සංයෝජකයින්ගේ සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්