ඉන්ධන ලබා ගැනීම සඳහා අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි ජනතාව හා පොලීසිය අතර ඊයේ රාත්‍රී කළහකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් බව පැවසීමත් සමග ජනතාව අතර සිටි පිරිසක් පිරවුම්හලේ ආරක්ෂිත වැට කඩා ඇතුළු වී එහි සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බවයි.

ඉන් පසු පිරිස පාලනය සඳහා පොලිසිය ක්‍රියා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

එහිදී සිදු කළ පහරදීම්වලින් පොලිස් නිලධාරීන් 6 දෙනකු තුවල ලබා තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්