අත්‍යවශ්‍ය සේවා සඳහා ගෑස් සැපයීම ද සීමා කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ගෘහස්ථ ගෑස් නිකුත් කිරීම තවදුරටත් නතර කර ඇති බවයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා ගෑස් නිකුත් කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදුකළ ද අද (19) දිනයේ සිට එම බෙදා හැරීමේ කටයුතු ද සීමා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් කඩිනමින් තවත් ගෑස් නෞකා දෙකක් මෙරටට ආනයනය කිරීම සඳහා සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඉන් එක් නෞකාවක් සඳහා ඉදිරි දින දෙක තුළ මුදල් ගෙවීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්