wajira abewardana
 

මෙරට පවත්නා උග්‍ර ඩොලර් අර්බුධයට පිළියම් සොයනු පිණිස ලංකවට ඩොලර් ණයට දියහැකි ව්‍යාපාරිකයන්ට තමන් සතු ඩොලර් රට වෙනුවෙන් ලබාදෙන ලෙස අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික ආරාධනයක් සිදුකර ඇත. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාට සමීපතම පුද්ගලයකු විසින් කොමිස් ඉල්ලීම නිසා එය ව්‍යර්තවී ඇති බව පැවසේ.

දැනට වාර්තා වන පරිදි අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි ප්‍රතිචාර දක්වා එක්තරා ව්‍යාපාරිකයෙක් අග්‍රාමාත්‍යවරයා හමු වී ඩොලර් මිලියන 2ක් ඉතාම සුලු පොලියකට ලබා දීමට සූදානම්ව තිබේ. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් මේ පිළිබඳ කටයුතු කිරීමට පුද්ගලයකු පත් කර ඇති බැවින් ඉදිරි කටයුතු ඔහු හා සාකච්ඡා කර කරගෙන යන ලෙසය.

ඒ අනුව එකී ව්‍යාපාරිකයා අදාළ පත්කරන ලදැයි කියන පුද්ගලයා හමුව ඇති අතර සිදුකල සාකච්ඡා වේදී කී දෙයින් ව්‍යාපාරිකයා අන්ද මන්ද වී ඇත. තොරතුරු අනාවරණය වන පරිදි එකී ව්‍යාපාරිකයාගෙන් ඩොලර් එකකට රු 15 ගානේ කොමිස් මුදලක් ඉල්ලා තිබෙන බව පැවසේ. පරක් තෙරක් නොපෙනෙන ආර්ථික අගාධය හමුවේ රට ඉන් ගොඩ ගන්න සහය දෙන්න එන මිනිසුන්ගෙනුත් කුට්ටි ඉල්ලන මෙම පුවත’ අදාල ව්‍යාපරිකයා ගොස් අග්‍රාමාත්‍යවරයාට පැමිණිලි කළ බවද වාර්තා වී ඇත.

මේ පුවතින් අගමැතිවරයා වික්ෂිප්තව ගොස් ඇති අතර බෙහෙවින් කණගාටුවට ද පත්ව ඇති බව වාර්තා වෙයි.

ව්‍යාපාරිකයාගෙන් මෙම රු 15 කොමිස් මුදල ඉල්ලූ පුද්ගලයා ලෙසට චෝදනා එල්ලවන්නේ එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති වජිර අබේවර්ධනටයි. කෙසේ වෙතත් වජිර අබේවර්ධන පවසන්නේ තමන් මේ කියන ව්‍යාපාරිකයා නොහදුනන බවත්, කිසි දිනෙක ඔහු හා මූනට මූණ කතා කර හෝ නැති බවත්ය.

මෙන්න බලන්න තවත් පුවත්