Araliyagaha mandiraya
 

නෝ ඩීල් ගමේ අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය දෙසට.

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙන බව වාර්තා වී ඇත

මේ අනුව විරෝධතාවයේ නිරතවන නෝ ඩීල් ගමේ අරගලකරුවන් අරලියගහ මන්දිරය දෙසට ගමන්කිරීමට උත්සාහ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇත.

එම අවස්ථාවේ පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ එම ස්ථානය ආසන්නයේ විභාග මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බැවින් අරගලකරුවන්ට ඉදිරියට ගමන්කිරීමට අවසර දිය නොහැකි බවයි.

එබැවින් අරගලකරුවන් පිරිස එම ස්ථානයේ බිම ඉඳගනිමින් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්