කුරුණෑගල,මඩහාපොළ සිරි සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේ විසින් පවත්වාගෙන යන ‘උමංදාව’ ට යාමට නාමල් ඇමතිතුමාගෙන් ලද ඉල්ලීම පිළිබඳව මා තුල වැඩියමක් හෝ අදහසක් තිබුනේම නැත. එහෙත් විශේෂ හේතුවක් යැයි සිතා ඒ සදහා සහභාගී වුනෙමි. සැබවින්ම අපේ රටේ විය යුතු දෙයක් ක්‍රමවත්ව සිදුවෙමින් තිබෙන බව උමංදාවේදී දැක ගතිමි.

සිරි සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේ විසින් නිෂ්පාදනය කල, අගය එකතු කල භාණ්ඩ සහ අහාර වර්ග පන්සීයයකට වඩා වැඩි පමාණයක් එහිදී දැකගත හැකිවිය. සැබවින්ම එය අපි හැමෝම වික්‍ෂිප්ත භාවයට පත්කිරීමට තරම් කරුණක් විය.

නාමල් ඇමතිතුමාගේ සහ මාගේ අමාත්‍යාංශ නිලධාරීන්ට අපේ ඉලක්ක ගත ව්‍යවසායකයින් කණ්ඩායමට නේවාසික පුහුණව, දැනුම ලබා දීමට ස්වාමීන්වහන්සේ එකඟ විය.

දේශීය කර්මාන්ත සදහා පුහුණු කිරීමේ පුර්ණ මධස්ථානයක් ලෙස ආයතනය සංවර්ධනය වෙමින් තිබිණ. ධනාත්මකව සිතා කටයුතු කිරීමේ පුහුණුවද ඒ සමග ඔවුන්ට ලබා දීමට සැලසුම් කර ඇති ආකාරයද ස්වාමීන්වහන්සේ විසින් ඉතා නිවැරදිව අපව දැනුවත් කළේය.

ස්වාමීන්වහන්සේ විසින් අපේ රටේ බහුල අහාර වර්ග වලින් නිෂ්පාදනය කරන ලද කල්තබා ගත හැකි අහාර වර්ග රාශියක් දුටු අතර බොහෝ අහාර අපතේ නොයා භාවිතයට ගත හැකිබව එයින් තහවුරු කෙරින.

ඉදිරියේදී විදාතා නිලධාරීන් සහ සම්බන්ධීකරණයෙන් අපේ ව්‍යවසායකයින් සදහා අවශ්‍ය පුහුණුව දැනීම ලබා දීමට උමංදාව ගම්මානය සමග කටයුතු කිරීමට කෙටුම්පත් සැකසීමටද කටයුතු කලෙමි. නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ සහ මාගේ අමාත්‍යාංශ සම්බන්ධීකරණයට ඒ සදහා කණ්ඩායමක් පත් කිරීමට එම අවස්ථාවේම අප ක්‍රියා කළෙමු.

සිරි සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේගේ කැපවීම, උනන්දුව සහ අධිෂ්ඨානශීලි බව භික්ෂුන්වහන්සේට පමණක් නොව සමස්ත සමාජයටම පුර්වාදර්ශයක් බව කිව යුතුමය. අභියෝග හමුවේ නොසැලී අභියෝග ජය ගැනීමට උන්වහන්සේ තුල තිබෙන කැපවීම අපේ නිලධාරීන් තුල ඇති කිරීමට හැකිනම්, අපේ ඉලක්ක ගත ව්‍යවසායක කාණ්ඩයම් තුල ඇති කිරීමට හැකිනම් අපට පහසුවෙන් බොහෝ ඉලක්කයන් ජයගත හැකිය.

ජාතික ආර්ථිකයට ශක්තියක් සේම, දේශීය ආර්ථිකය නගා සිටුවීමට නව මානයක් බොහෝ සොයාගැනීමට උමංදාව තෝතැන්නක් බව මාගේ අදහසයි.

1.

May be an image of 9 people, people standing and outdoors

2.

May be an image of 11 people, people standing and outdoors

3.

May be an image of bottle and indoor

4.

May be an image of food, drink, indoor and text that says 'SMRIP MEDIA UNIT TREE OIL තෙල්'

5.

May be an image of 6 people, people standing and indoor

මෙන්න බලන්න තවත් පුවත්