ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් ඉල්ලා අස්වීම පිළිගත් සර්ජියෝ මැටරෙල්ලා බ්‍රහස්පතින්දා පස්වරුවේ පාර්ලිමේන්තුවේ කථානායකවරුන් හමුවීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිට තිබේ.

ඒ අනුව නව රජයක් පත් කරන තුරු වැඩ බලන අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු රැදී සිටිනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

74 හැවිරිදි ඩ්‍රාගි මහතා ඉතාලියේ ජනප්‍රිය චරිතයකි.

2023 මුල් මාස කිහිපය තුළ මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් බොහෝ විට ඔක්තෝබර් දක්වා ගෙන එනු ඇති බව එරට මාධ්‍ය අනාවරණය කරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්