who is the president
 

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 10ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බවත් අදාළ රැස්වීම පිළිබඳ සියලු පක්ෂ නායකයින් දැනුවත්කර ඇති අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් ද ඊට සහභාගි වීමට නියමිතව ඇති බවත් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් පක්ෂ නායකයින් පැමිණ ඇති එකඟතා පිළිබඳ සාකච්ඡා කිරිම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙන අතර අග්‍රාමාත්‍ය ධුරයට පත්වන මන්ත්‍රීවරයා සමිබන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවකට පැමිණීමට ද නියමිතව තිබේ.

අග්‍රාමාත්‍යධුරය සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නමි කිරිමට ඊයේ රැස්වූ සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් තීරණය කර තිබුණි.

එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ අදාල යෝජනාව සමබන්ධයෙන් අනෙකුත් පක්ෂ සමඟ ද සම්මුතියකට එළඹීමට අපේක්ෂා කරන බවය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාව විසින් පිළිනොගන්නා දේශපාලඥයෙකු බවට තහවුරු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර පමණක් සම්මුතීන් ඇති කර ගැනීම ප්‍රමාණවත් නොවන බව පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ  ලේකම් පබුදු ජාගොඩ මහතා සදහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්