අද (ජූලි 7) බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවත් ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දුන්නේ, එසේ වුව ද ඔහු සරත් ඍතුව තෙක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති බවයි.

මෙම ගිම්හානයේදී කොන්සර්වේටිව් නායකත්වය සඳහා තරඟයක් පැවැත්වෙන අතර ඔක්තෝම්බර් මාසයේදී නව අගමැතිවරයෙකු පත් වනු ඇති බවත් උද්ගතව ඇති දේශපාලන අස්ථාවරභාවය හමුවේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලා අස් විය යුතු යැයි බ්‍රිතාන්‍ය නීතිපතිවරයා ද ප්‍රකාශ කර තිබුණ බවත් එම වාර්තාවේ සදහන් වේ.

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූර හෙබවූ ලේකම්වරුන් 7ක් මීට පෙර ඉල්ලා අස් වූ අතර, අගමැතිවරයා විසින් තවත් දෙදෙනෙකු ඉවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්