මේ අර්බුදකාරී අවස්ථාවේ සාම්ප්‍රදායික දේශපාලනය පසෙකලා දැවෙන ප්‍රශ්න විසඳීමට අත්වැල් බැඳ ගැනීම සඳහා එකතු වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ රට තුළ පවතින අර්බුදයේ දී ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂවරුන් නොමැති පාලනයක් බවයි. එමෙන්ම මීට පෙර අවස්ථා දෙකක දී ජනාධිපතිවරයාට මේ බව තමා දැනුම් දුන් බවද විපක්ෂ නායකවරයා විසින් සිය ලිපිය හරහා අවධාරණය කර තිබෙනවා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්