නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක අටක පැය 24ක් තුළ අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බිහාර් ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ප්‍රාන්ත ආපදා කළමනාකරණ අධිකාරියේ උපදෙස් හොඳින් පිළිපදින ලෙසයි.

මෝසම් වර්ෂාව අතරතුර අකුණු සැර වැදී සෑම වසරකම ඉන්දියාවේ සිය ගණනක් මිය යති.

මෙලෙස ඉහළ මරණ සංඛ්‍යාවක් සිදුවීමට එක් හේතුවක් නම්, ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව ඉන්දියාවේ විශාල පිරිසක් එළිමහනේ වැඩ කටයුතු වල නිරත වීමයි.

කුමාර් මහතා මියගිය සෑම කෙනෙකුගේම පවුල් සඳහා රුපියල් 400,00 ($ 5,008; පවුම් 4,154) වන්දි මුදලක් ප්‍රකාශයට පත් කොට ඇති අතර ඔහු පසුගිය සතියේ රැස්වීමක් පවත්වා පාසල් සහ රෝහල් ඇතුළු සියලුම රජයේ ගොඩනැගිලිවල අකුණු නාශක යන්ත්‍ර සවි කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිට තිබේ.

ප්‍රාන්තයේ භූගෝලීය පිහිටීම මෝසම් කාලවලදී නිතර නිතර අකුණු සැර වැදීම සඳහා විශේෂයෙන් ගොදුරු වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මාධ්‍ය වාර්තාවන්ට අනුව මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ අකුණු සැර වැදීමේ සංඛ්‍යාව තියුනු ලෙස ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ .

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්