
අම්පාර, උහන, පියන්ගල ග්රාම නිලධාරි වසමේ පිහිටි දිවුලාන වැව අසබඩ බැඳ සිටි එළගව රංචුවකට පොකුරු අකුණක් වැදීමෙන් එළගවයන් 31ක් මරණයට පත්ව ඇති බව බක්කිඇල්ල පොලිසිය පවසනවා.
පසුගිය 21 වැනිදා සවස 6ට පමණ මෙසේ මිය ගිය ගව රංචුවේ ගැබ්බර එළදෙනුන් සහ කිරි එළදෙනුන් මෙන්ම කුඩා ප්රමාණයේ වසු පැටවුන් ද සිටි බවයි වාර්තා වෙන්නේ.
ගව පාලකයා වන ඒ.ඇම්.අප්පුහාමී මහතා පවසන්නේ, තද වැස්ස සහිත අයහපත් කාලගුණයක් පැවති අවස්ථාවේ දී මෙම සතුන් වැව අසල ඇති කුඩා ගස් සහිත කරවටුගල නැමති ගල් තලාව අසලට ගොස් නතරවි සිටි අතර එහිදී එක් වරම පොකුරු අකුණක් පුපුරා ගොස් සතුන් සියළු දෙනා තැනින් තැන ඇද වැටුණු බවයි.
කෙසේ වෙතත්, කැළැව අසල අනික් පස ධීවර වාඩියක්ද ඇති නමුත් එහි සිටි කිසිවකුටවත් ආපදාවක් සිදු වී නැහැ.