ලියුකේමියා රෝගයෙන් දැඩි ලෙස රෝගාතුර වී සිටින ගිරිරාජ් කෞෂල්‍ය මහතා අසීරු තත්ත්වයෙන් මිදෙමින් පසු වෙනවා. නමුත් ඔහුට දිගු කාලයක් යනතුරු රංගන කටයුතු සඳහා යෙදීමට අනුමැතිය දිය නොහැකි බවට වෛද්‍යවරුන් ගිරිරාජ් කෞෂල්‍ය මහතාගේ පවුලේ සමීපතයන්ට දන්වා සිටිනවා.

රංගනයේදී එල්ල වන ඉතා ප්‍රබල වෝල්ටිතාවයකින් යුතු විදුලි ආලෝක කිරණ වලට ඔහුගේ ශරීරය නුසුදුසු බවටයි වෛද්‍යවරුන් මත දරන්නේ.මේ අනුව ගිරිරාජ් මහතාට නැවත නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට ඒ මේ ඉඩකඩ ඇහිරී තිබෙනවා.නමුත් ගිරිරාජ් මහතාගේ දියණියක් වන අමන්දා උප්පලීට නාඩගම්කාරයෝ කණ්ඩායම විසින් ගිරිරාජ් මහතාගේ අනුදැනුම මත නාට්‍යයට සම්බන්ධ කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එහිදී ඇය තමාගේ පියාගේ ආශිර්වාද මැද මේ දිනවල රූගත කිරීම් වලට සහභාගි වන බවටයි තව දුරටත් වාර්තා වන්නේ
ගිරිරාජ් කෞෂල්‍යය මහතාට ඉක්මන් සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

මෙන්න බලන්න තවත් පුවත්