දෙරණ අවුරුදු කුමරිය තරඟයේ තෙවෙනි ස්ථානය ලබාගනිමින් කලා ලොවට පිවිසි ඇය මේ වෙද්දී මුළු රටම දන්නා කියන ජනප්‍රියම රංගන ශිල්පිනියක වී හමාරය.

ඉතින් ඇය තමයි මුළු රටක් ආදරය කරන රංගන ශිල්පිනිය ඩිලූෂි හංසිකා කියලා කියන්නේ. ඩිලූෂි කා අතරත් ජනප්‍රියවෙලා තියෙන්නේ “විනුලි” කියන නමින්.

ඒ මොකද දන්නවාද මේ දවස්වල හැමෝම හරිම ආසාවෙන් නරඹන “ධරණි” ටෙලි සිත්තමේ “විනුලි”ගේ චරිතයට හරි අපූරුවට පන පොවන්නේ ඩිලූෂි වන නිසා ය.

ඩිලූෂිව චන්ඩි රැජිනක් කිව්වත් ඒකේ වරදක් නෑ. මොකද “ධරණි” එකේ “තරුමිණී”ගේ ආදරණීය චණ්ඩි නංගි තමයි ඩිලූෂි හරි අපූරුවට රඟපාන “විනුලි” ගේ චරිතය කියන්නේ.

ප්‍රේක්ෂකයින් බොහෝ සේ ඇලුම් කරන විනුලිගේ චරිතය ගැන ටිකක් කිවුවොත්,“අසාධාරණකම් පෙන්නන්න බැරි ඒ දේවල්වලට එරෙහිවන තරුණියකගේ චරිතයක්” කිවුවොත් නිවැරදියි.

ඩිලූෂි කියනවා,“ධරණි නාට්‍යය පුරාම තියෙන්නේ සටන් කරන එක.මුලදී මට ඒ ගැන අවබෝධයක් තිබ්බේ නෑ. නමුත් පස්සේ පස්සේ ඒ හැමදේකටම හොඳින් හුරු වුණා.

එක සටන් ජවනිකාවට මුළු දවසක්ම යනවා.ඒ දේවල් තාත්ත්වික විදියට කරන්න ඕනනේ ඒකයි.සමහර දවස්වලට මේ හින්දා කෙන්දේ කැක්කුමත් ඇවිත් තියනවා.

මං පාරේ යද්දී සමහර වෙලාවට ළඟින් ගියත් පිරිමි ළමයින් කියනවා මෙයා ගහයිද දන්නේ නෑ කියල.සටන් කලාව කියන දේ නම් අද කාලේ ගැහැණු ළමයෙකුට ගොඩක් වටිනවා.

ටෙලි නාට්‍යයන් කිහිපයකටත් ආරාධනා මට ලැබුණා.ඒ වුණත් “ධරණි” නාට්‍ය ඉවර වුණාම තමයි තව නාට්‍යයක් ගැන හිතන්නේ” කියලත් ය.ඔන්න ඉතින් ඩිලූෂිට ඉන්නවා ආදරණිය බාල සහෝදරයන් දෙදෙනෙක්ම.

ඉතින් ඇගේ පවුලෙන් ඩිලූෂිට කලාව තුළ මේ තරම් ගමනක් එන්නට ලොකූ සහයෝගයක් ලැබී තිබෙනවා.ඩිලූෂි පුංචි කාලේ ඉදන්ම ආස කලේ නම් “ලෝයර් කෙනෙක්” වෙන්න ලු.

කැළණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න ඩිලූෂි ඊට අමරතව ජර්මන් භාෂාව ද ඉගෙන ගන්නවාලු.ඉතින් ඩිලූෂිගේ මේ වෙද්දී තියන ලොකුම හීනය බලාපොරොත්තුව තමයි හොඳින් අධ්‍යාපනය හදාරලා හොඳ රැකියාවක් කරන එක. ඔන්න ඉතින් ඩිලූෂි කලින් හරි අපූරු ආදරවන්තියක්.

ඒත් දැන් නම් ඇයට ආදරවන්තයෙක් නම් නෑ.ඉතින් ඩිලූෂි කියනවා “කවදම හෝ මට ගැලපෙන මගේ ආදරය ලැබේවි. එතකන් මං බලන් ඉන්නවා” කියලයි.

මෙන්න බලන්න තවත් පුවත්