“මට ඔයා මගෙ පණ වගේ” ගීතය ගායනා කළ සමීර විරවර්ණ පසුගිය දිනක ඔහුගේ උපන් දින සාදය කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී දින දෙකක් පුරාවටම සමරා තිබෙනවා.

දැනට දශකයකට පමණ පෙර එළිදැක්වූ “මට ඔයා මගෙ පණ වගේ” ගීතය එක්තරා යුගයක් නියෝජනය කරමින් ඉතාමත්ම ජනාදරයට පත්වූ අතර “දෙරණ 2013 වසරේ නැගී එන ගායකයා” ට හිමි සම්මානයට පාත්‍ර වීමට තරම් සමීර වීරවර්ණ වාසනාවන්ත වුණා.ඉන්පසු කිසිම දිනක මාධ්‍යවෙත නොපැමිණි මෙම ගායකයා නැවතත් කරළියට එක් වූයේ මෙම පින්තූර මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමඟයි.

මෝටර් රථ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් දරා සිටින “Sameera Auto Traders” සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමන් වන “සමීර වීරවර්ණ” මහතාගේ මෙම සාදය ඉතාමත්ම පුද්ගලික උපන්දින සාදයක් වූ අතර එයට සහභාගි වීමට පැමිණ සිටියේ 2012 වසරේ සිට ඔහුගේ ගායන සහ ව්‍යාපාරික ගමන් මගට බෙහෙවින්ම උපකාර කළ සහ ඔහුගේ ළඟම හිතමිත්‍රාදීන් පමණක් වීම විශේෂ කරුණකි.

මේ සඳහා කොළඹ ෂැංගිලා හෝටලයේ පහළොස් වැනි මහලේ සියලුම කාමර සහ විවිධ ස්ථාන ද වෙන්කර තිබූ අතර ඉතාමත් මිල අධික ආහාරපාන වලින් සමන්විත වූ මෙම උපන්දින සාදය දින දෙකක් පුරාවටම හෝටල් පරිශ්‍රය තුළ පැවතීම පුදුමය දනවන කාරණයකි.

මෙම වසර තුළ “මට ඔයා මගේ පන වගේ” ගීතය නැවත සුරූපී ගායිකාවක් වන “කාවින්ද්‍යා අධිකාරි” සමග එක්ව ගායනා කිරීමට සහ තවත් අලුත් ගීත දෙකක් වීඩියෝ සහිතව එළිදැක්වීමට නියමිත බව “සමීර වීරවර්ණ” උපන් දින සාදය අතරතුර දී පවසා තිබෙනවා.

ඔහුගේ මිතුරන් සහ සේවක පිරිස සමග සැමරුම් මෙම විශේෂිත උපන්දිනයට සහ ඉදිරි කලා කටයුතු වලට අපි සුභ පැතුම් එක් කරමු

01

02

03

04

05

06

07

08

09

10

 

මෙන්න බලන්න තවත් පුවත්