පානදුර ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ පොලිස් කොස්තාපල්වරයකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

සිසුවියන් දෙදෙනකු පාසලට එමින් සිටියදී මෝටර් රථයක සිටී පුද්ගලයකු ඇඳසිටි කලිසම පහත් කර ඔවුන් දෙදෙනාට නිරුවත පෙන්වා ඇති බවට විදුහල්පතිනිය ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව අදාළ මෝටර් රථය පිළිබඳ සොයා සොයා බැලීමේදී ,එය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරීවරිය ගේ නිළ රථය බවට හඳුනාගෙන ඇත .

අදාල රථයේ රියදුරු වන මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

මෙන්න බලන්න තවත් පුවත්