අතුල අධිකාරී කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂකයා වගේම රසිකයින්ගේ හදවත් තුල හැමදාමත් ආදරය ලබාගත් ආදරණිය හදවතේ ගායකයෙක්. ඔහුගේ හඩට පෙම්කරන තරුණ තරුණියන් බොහොමයි. ඔහු ඉතාමත් නිහතමානී කලාකරුවෙක්. ඉතාමත් සහයෝගයෙන් හැමෝම එක්ක ඔහු කටයුතු කරන බව නම් නොරහසක්.

අතුල සමිතා කියන්නේ කාලයක් එකට ආදරයෙන් ජිවත් වුන පසුව විවාහයෙන් වෙන්වුන දෙදෙනෙක්. නමුත් ඔවුන් තවමත් ආදරයෙන් සතුටෙන් කාලය ගත කරනවා. මේ හඩවල් දෙකටම රසිකයින් පුදුමාකාර ආදරයක් දක්වනවා කිවුවොත් නිවරදියි.

ආදරණිය ප්‍රේක්ෂයකයන රසිකයන් පුදුම කරමින් අතුල සහ සමිතා මේ නව වසරේ අලුත් යුග ගිතයක් කරා. ආත්මාගේ සිංදුවකට මේ දෙදෙනා කවර් එකක් කරා. මේ සින්දුවට බොහෝ ප්‍රතිචාර ලැබුනා කිව්වොත් නිවැරදියි. මේ වෙද්දී යු ටියුබ් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩින්ම ඔවුන්ගේ ගීතය තියෙනවා. මේ ගීතයෙන් ඔවුන්ගේ රසිකයන් ගොඩක් සතුටු වුන බව කොමෙන්ට්ස් වලින් දැකගන්නත් පුළුවන්.

මේ සින්දුව නිසා අතුල සමිතාගේ ආදරණිය දියණිය කවී බොහෝ සතුටට පත්ව තිබුන බවද දැකගන්න ලැබුනා. ඉතින් බොහෝ ප්‍රතිචාර මැද සින්දුව trending 01 වුන සතුට ඔවුන් දෙදෙනා සමරන්න අමතක කරලා තිබුනේ නැහැ. අතුල සමිතා දුව කවි, චිරන්ත ඇතුළු සින්දුවට දායක වුන බොහෝ පිරිසක් මේ අවස්ථාවට සමබන්ධ වී තිබුනා.

මෙන්න බලන්න තවත් පුවත්