ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය නැරඹීම සඳහා පැමිණෙන්නේ නම් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

ඒ බව තහවුරු කිරීම සඳහා එන්නත් කාඩ්පත රැගෙන පැමිණිය යුතු බවත් එසේ නොමැති නම් ඡායාරූපයක් ඉදිරිපත් කළ යුතු බවත් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

තරගය පැවැත්වෙන දිනය වන විට එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන දින 14ක් ඉක්මගොස් නොමැති අයට තරගය නැරඹීමේ අවස්ථාව අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ.

ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවෙන් 50%කට මෙවර තරග නැරඹීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

 

 

මෙන්න බලන්න තවත් පුවත්