මෙම වසරේ සියයට 5.5ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙරට ආර්ථිකය බංකොලොත් වී ඇති බවට ඇතැමුන් සිදු කරන ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බවයි.

මේ දිනවල රට පුරා දැඩි ආන්දෝලනාත්මක මාතෘකාවකට තුඩු දී ඇති ඩොලර් හිඟ වීම සහ විදේශ සංචිත අඩුවීම, රන් සංචිත අවම වීම හා ආර්ථික උද්ධමනයක් ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, ඒවා වෙන වෙනම ගෙන හැර දක්වමින් ඔහු කියා සිටියේ එවන් තත්ත්වයක් උද්ගතව නොමැති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්