හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදු කළැයි කියන දූෂණ හා අක්‍රමිකතා කීපයක් අදාල ලිපි ගොනුද සමග රටට හෙළි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක කටයුතු කර සිටියා. ඒ, කොළඹ තොටළඟ පිහිටි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ දේශපාලන කාර්යාලයේ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

මෙකී දූෂණ හා වංචා සම්බන්ධයෙන් තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ද හිටපු මුදල් ඇමැතිවරයා මෙහිදී මෛත්‍රීපාල සිරිසේන ට අභියෝග කළේ.

අද වේදිකාවක් වේදිකාවක් ගානේ අනුන්ට අවලාද නගමින්, චරිත ඝාතනය කරමින් තමන් සුදනා බව පෙන්වමින් සුදු පිරුවට ඇඳ ගෙන දේශපාලනය කරන මෛත්‍රීපාල සිරිසේනගේ පැටිකිරිය හෙළිකිරීමට අවශ්‍ය තොරතුරු තමා සතුව තිබෙන බව පැවසූ හිටපු අමාත්‍ය රවී කරුණානායක, ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේනට හොර රහසේ ලැබී පසුව වංචා කළ ඩොලර් තොගය ගැනත් ජනාධිපතිවරයා ලෙස සිදු කළ යකඩ ජාවාරමක් සහ ආයථා මත්පැන් බලපත් ලබා දීමක් ගැනත් මෙහෙදී මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියා.

මෛත්‍රීපාල සිරිසේන යුද්ධය අවසන් කළ සරත් ෆොන්සේකාගෙන්ද පන්න පන්නා පළි ගත් බව පෙන්වා දුන් රවි කරුණානායක සරත් ෆොන්සේකාට වෙඩි නොවදින රථයක් ලබා නොදෙන ලෙස කළ බල පෑම් ගැනද හෙළි කර සිටියේ.

එක්සත් ජාතික පක්ෂය ද විනාශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට හා තමාට මෛත්‍රීපාල සිරිසේන එළව එළවා පහර දුන්නේත් දැනුද තමන්ට අවලාද නගමින් තැන තැන යන්නේත් සිරිසේනගේ මේ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට අනුමැතිය නොදුන් නිසා බව රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්